Colombo Today Local News

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)දින පැවසීය.

“බල්ලො කරන වැඩ අපි කරන්නේ නැහැ” යැයිද ඔහු සඳහන් කළේය..

සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් කෝට් එක අන්දලා මිනිහෙක් කළේ තමා බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසූවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේදීය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ..

සහරාන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරලා තිබුණේ කාලෙකට පෙරයි. එතකොට ඔහු අත්අඩංගුවට ගන්න තිබුණා. මම ජනවාරි මාසයේ ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන කිව්වා. මගේ අතේ පොලිසිය තිබුණේ අවුරුද්දයි. ඇවිල්ල මාස හතරකින් බෝම්බ පිපුරුවේ. අවුරුදු හතරක් පොලිසිය තිබුණෙ මගේ අතේ නොවෙයි. පොලිසිය භාර ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම හිටියා. චැනල් ෆෝ චිත්‍රපටිය සමග තමයි මේ කතාව එළියට ආවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසම මම ජනාධිපති වෙලාවේ වාර්තාව දුන්න නම් ඒකෙ තියෙන්නෙ ඔය කරුණු නොවෙයි. එහෙම නම් ඒකෙ තියෙන්නෙ මීට වඩා වෙනස් කරුණු. හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය කියලා වාර්තාවේ තියෙනවා.

Related posts

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ආයි.. ආයි ඉපි ඉපි ආයි… රනිල්ගේ නැටුමට දෙවනි නොවන චන්ද්‍රිකාගේ නැටුම මෙන්න (Video)

colombotoday