Colombo Today Local News

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කරන්නේ, එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි.

රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය වෙබ් අඩවිවල දත්තවලට ඉන් බලපෑමක් වී නොමැති බව ඔහු සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව චරුක දමුණුපොල මහතා පැවසීය.

Related posts

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday