රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ වැටලීමක දීයි.
හම්බෙගමුව – ගල්හිරා මංකඩ, වේලි ඔය ප්රදේශයේ දී මෙම වැටලීමක් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි.
අක්කර භාගයක පමණ භූමි ප්රමාණයක වගා කර තිබු ගංජා ගස් 3,000ක් හා ගංජා පැළ 25,000 ක් මෙහෙදී සොයාගෙන තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ගංජා ගස් තොගය ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.