Colombo Today Local News

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

ඔවුන් අද උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මොවුන් අතර පිරිමි 03 දෙනෙකු සහ ගෘහ සේවිකාවන් 28 දෙනෙකු වෙයි.

මීට අමතරව ඉකුත් 12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර, ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු විය.

ඒ අනුව, මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, වීසා නොමැතිව එරට රැදී සිටි, එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබේ. ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය, කුරුණෑගල, ගාල්ල, මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.

Related posts

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday

“ජාතික ආරක්ෂාවට බ්‍රිතාන්‍ය මැදිහත් වෙයි” බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආරක්ෂක උපදේශකයෙක් !

colombotoday