Colombo Today Local News

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම මහතා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday

රාජිත සේනාරත්න 10වෙනි වරටත් අල්ලස් කොමිසමෙන් කට්ටි පනියි!

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday