Colombo Today Local News

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට පසුගිය (15) දින අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ.

වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25) ගුණානුස්මරණ පිංකම 17ට යෙදී තිබූ අතර එයට සමගාමීව දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

ඒ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි වී ඇත.

එය ප්‍රදේශයේ තරුණයකු ඉරේෂාන් චතුරංග විසින් මිලට ගැනීමට කටයුතු කර ඇත.

විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව සංවිධානය කොට පැවතිණි.

Related posts

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

කාන්තාවන්ටත් මත්වීමේ සම අයිතිය ඕන.. මත් පනත අහෝසි කළාට එරෙහිව සමනලී උසාවි යයි

colombotoday

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

colombotoday

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday