World

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

2021 වසරේ දී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයෙකු නම් කළ පළමු රට බවට චීනය පත්ව තිබේ.

තානාපති Zhao Xing ගේ පත්වීම අනෙකුත් ජාතීන් තම රජය සමඟ සබඳතා ඇති කර ගැනීමට ලකුණක් බවයි තලේබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගණනාවක් සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ තලේබාන් රජය වෙනත් කිසිදු රටක් පිළිගෙන නැති බවද සඳහන්.

2021 දී ඔවුන් නැවත බලයට පත්වීමෙන් පසු ඔවුන් සමග සම්බන්ධ වූ පාකිස්ථානය, ඉරානය සහ රුසියාව ඇතුළු රටවල් අතර චීනය ද විය.

චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ බීජිං ඇෆ්ගනිස්ථානය සමග සංවාදය සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යන බවත් රට සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්තිය පැහැදිලි සහ ස්ථාවර බවත්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර අයිතිවාසිකම් කණ්ඩායම් තලේබාන් සංවිධානය කාන්තාවන්ට සලකන ආකාරය මෙන්ම ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය සහ ගල් ගැසීම් වැනි ක්‍රියාවන් නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හෙළා දැක තිබේ.

තලේබාන් පාලනය යටතේ, කාන්තාවන්ට වෙනත් සීමාවන් අතර වැඩ කිරීම සහ පාසල් යාම තහනම් කර ඇති අතර කාන්තා අයිතීන් මර්දනය කිරීම ලෝකයේ දරුණුතම ඒවා ලෙස සළකනු ලබයි.

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට රැකවරණය සැලසීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයට ද චෝදනා එල්ල වී ඇති නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday

මුස්ලිම් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගනිමින් ඉන්නවා

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

colombotoday

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday