Colombo Today Local News

විද්‍යුත් වාහන ආනයනයට අවසර

ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සහ ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුනු සේවා සමාගම් සීයක වැඩසටහන යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඇමෙරිකා ඩොලර් 30000 නොඉක්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබා දීම පිණිස මුදල් ආර්ථිකය ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේ ය.

Related posts

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday