Colombo Today Local News

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුව පහරදී ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

පොලිස් රාජකාරියේ නිරතව සිටියදී වැඩ තහනමට ලක්ව සිටි පුද්ගලයෙක් මෙසේ ඝාතනයට ලක්ව ඇත.

ඔහුගේ බිරිඳ විදෙස්ගතව සිටින අතර දරු දෙදෙනාද වෙනත් ප්‍රදේශයක වාසය කරන බව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ (08)දින ඔහුගේ බිරිඳගේ මව සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ කාන්තාවගේ ඥාතීන් සමගද ආරවුලක් ඇතිව වී ඇති අතර පසුව එම පුද්ගලයින් විසින් මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ගසක බැඳ පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි වියේ පසුවූ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

“නිකං පලයං යකෝ යන්න… පර බල්ලා” ලෙස ජනප්‍රසාධනි ලක්ෂ්මන් කිරිඇල්ල භික්ෂූන් වහන්සේ නමකට බැන වදියි

colombotoday

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday