Colombo Today Local News

කතුන් සමඟ රතිකෙලියේ යෙදී ගම්වාසීන්ගෙන් ගුටි පූජාවක් ලැබූ හොර චීවරධාරියා අත්අඩංගුවට

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් ලෙස හඳුන්වමින් නිවසක සිටි පල්ලේගම සුමන නමැති චීවරධාරියෙක්ව අද (08) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය කියයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ලැබී තිබූ පැමිණිලි මත එම චීවරධාරියාව පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස 02කට පමණ ඉහතදී කාන්තාවන් දෙදෙනෙකුට සහ මෙම චීවරධාරියාට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියාව අද (08)දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පොලිස්පතිගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Admin

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday