Colombo Today Local NewsHot News

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.

දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.

මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත. මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.

එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.

මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි. කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.

මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත. මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

යාපනයේ බෝම්බ පිපිරීමක්

Admin

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

colombotoday

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday