Colombo Today Local News

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

වසර මැද මූල්‍ය තත්වය(2023)වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (8)දින පැවැත්වෙයි.

ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබයි.

මේ අතර ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිදදා (9)දින පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය 10 දා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව හෙට (8)දිනයේ සිට ලබන 11වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සඳහන් කළාය.

Related posts

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday