Colombo Today Local News

වව්නියාව බන්ධනාගාරයට පනවා තිබූ සංචරණ සීමා ඉවතට

වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇත.

බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

පසුගිය මස 25 වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද (07) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව හෙට (08)දිනයේ සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

colombotoday

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනය – 2020/04/05

colombotoday

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday