Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (09) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.

මීට අමතරව පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට ද මෙලස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

Related posts

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Admin

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

colombotoday

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin