Colombo Today Local News

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට බව කියා මෙම මුදල සැකකාර කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

මේ සඳහා ආධාර අනුබල දුන් බව කියන අවුරුදු 26ක සහ අවුරුදු 32 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම කාන්තාව සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ ද සැකකරුවන් දෙදෙනා පේරාදෙණිය, ඊරියගම සහ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු මීට වසර 8කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරේ මෙම දැන්වීම පළකර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

Video : නටන එවුන් පරෙස්සමින් නටපල්ලා. ඉවසීමේ සිමාව ඉවරයි – ඥානසාර හිමි

colombotoday

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

colombotoday