Colombo Today Local News

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ.

ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත.

ඇය යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියකි.

සිසුවිය නවාතැන් ගෙන ඇත්තේ යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවත් පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බවය.

මියගිය සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

colombotoday

අපට බෝනස් එපා-රංජන් ජයලාල්

Admin

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

colombotoday

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ගනිද්දි මාට්ටු

Admin