World

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

සිය ෆේස්බුක් සටහන් මගින් හයවන මොහොමඩ් රජු විවේචනය කිරීම සම්බන්ධයෙන් මොරොක්කෝවේ පුද්ගලයෙකුට වසර පහක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා ඊශ්‍රායලය සමඟ මොරොක්කෝව සබඳතා සාමාන්‍යකරණය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ විවේචනය කර තිබේ.

48 හැවිරිදි Said Boukioud හට සඳුදා දින Casablanca හි පළමු අවස්ථාව අධිකරණය විසින් දඬුවම් නියම කරන ලද අතර ඔහු 2020 ෆේස්බුක් හි පළ කළ අදහස් සඳහා “රාජාණ්ඩුව යටපත් කිරීම” සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Said Boukioud ඒ වන විට Qatar හි පදිංචිව සිට ඇති අතර මොරොක්කෝවේ නඩු පවරන බව දැනගත් විට, ඔහු පෝස්ට් මකා දමා ඔහුගේ ගිණුම වසා දැමීමට කටයුතු කළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, පසුගිය සතියේදී Casablanca වෙත ආපසු පැමිණීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

colombotoday

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin

මිනීමැරුම් තරගයෙන් ISIS පරයා ‘බොකෝහරාම්’ 1ට එයි… 2014 දී පමණක් 6644 ඝාතනය කරලා

colombotoday

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin