Colombo Today Local News

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

මන්නාරම නගරයට පිවිසෙන පාලම අසල කලපුවේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ.

ඊයේ (02) පස්වරුවේ මෙම මළසිරුර පිළිබඳ තොරතුරු වාර්තා වූ බව මන්නාරම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 35ත් 45ත් අතර වයසක පසුවන, උස අඩි 05යි අඟල් 10ක් පමණ වන පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා මියයන විට, කළු පැහැති අත්දිග කමිසයක් සහ නිල් හා සුදු මිශ්‍ර කොටු සරමක් හැඳ සිට තිබේ.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday