අස්වැසුම තවත් ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කරන්නේ, ලක්ෂ 6ක පමණ ප්රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවය.
මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුවේ.
විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.