Colombo Today Local News

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අනුමැතියන් ලැබී තිබේ.

ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන ලදි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.

Related posts

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday