Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් මහතා පවසයි.

එසේම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී පැවසු බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin