Colombo Today Local News

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සෞරබ් චන්ද්‍රකාර් ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම් ගේ උදව් ඇතුව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් තිබෙන බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ පැවැත්වූ නොයෙකුත් මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට්, බැඩ්මිටන්, පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීම සඳහා මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල නොවූ වේදිකාවක් සපයා ඇත.

ලැබෙන තොරතුරු නිවැරදි නම් ජාත්‍යන්තර පොලිසියේ ඉල්ලීමක් මත ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

එසේම ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Related posts

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

colombotoday

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday