වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පොල කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග මාතලේ නගර සභා පිට්ටනියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා මෙම හිටපු ආධුනික පොලිස් කොස්තාපල්වරයා හෙරොයින් කිලෝ 3ග්‍රෑම් 75ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.