Colombo Today Local News

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 තරඟයේ දී ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් මැතිසබයේ දී එළියට

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24)දින පැවසීය.

ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමකට කෙරුණු විගණනයේ වාර්තාවට අනුව මේ කරුණු හෙළිදරව් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මේ දූෂණ හෙළිදරව් කළ විට එය රංගන ශිල්පිනියකගේ ඇගේ තියා වහ ගන්න හැදූ බවද ” ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හේෂා විතානගේ මහතා කීය.

14 දෙනෙක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දවස් දහයක් ගත කරන්න විලි ලැජ්ජාවක් නැති නම් ඔවුන්ට ක්‍රිකට් හදාගන්න අබමල් රේණුවකවත් හැගීමක් නැති බව කිව යුතු බව කී මන්ත්‍රීවරයා ඒ දාහතර දෙනාගෙන් තුන් දෙනෙක් පමණක් රුපියල් විසිපන් ලක්ෂ අනූහයදාස් හත්සිය පනස් නවයක් ආපසු ගෙවා තිබෙන බව සඳහන් කළේය.

Related posts

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

colombotoday

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්

Admin

“බුදුන්ට පිදූ බිමේ බුදු පිළිමයක් හදන්න වැලි කැටයක් ගන්න අපට අවසර නැද්ද”

colombotoday