Colombo Today Local News

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02)දින මෙරටට රැගෙන ඒමට නියමිතය.

සයිනොපෙක් පළමු ඉන්ධන තොගය පසුගියදා දිවයිනට පැමිණි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.

සයිනොපෙක් සමාගම සෘජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙන එන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ හේතුවෙන් මෙරට දේශීය මුල්‍යායතනවලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරටට ගෙන ඒමට නියමිත බව සඳහන්ය.

ඉන්ධන මෙට්‍රික්ටොන් 45,000ක් සයිනොපෙක් සමාගම මඟින් පළමු තොගය ලෙස මෙරටට රැගෙන ආ බව මෙරට චීන තනාපති කාර්යාලය ටිව්ටර් සටහනක් තබමින් පවසයි.

Related posts

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

විශ්‍රාම නොයන බව ජනපති කියයි.

colombotoday

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday