Colombo Today Local News

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක තිබූ බෑගයක් පරීක්ෂා කළ දුම්රිය ආරක්ෂක අංශවලට එහි තිබී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ තොගයක් හමුව තිබේ.

මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට එම බෑගය දුම්රියේ අමතකව ගොස් ඇත.

හිරුණිගේ ගම මාතර පාලටුව අත්තුඩාව ප්‍රදේශයේ වන අතර අඹුසැමියන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිණීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි. මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.

මොවුන් සතුව තිබූ ගමන් බෑග් කිහිපයක් දුම්රියේ වාඩිවී සිටි තැන ආසනය යට තබා ඇති අතර කොටුවෙන් බැසීමේ දී එම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.

කොටුවට පැමිණි දුම්රිය මාළිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරීක්ෂා කිරීම් සිදුකිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට එම බෑගය හමුවී මාළිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.

බෑගය තුළ පවුම් 3ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35ක ඉතුරුම් සහතිකයක් ද, බැංකු පොත්, මෝටර් රථයේ බලපත්‍රය ඇතුළු දේපල එහි තිබී ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම බෑගයේ හිමිකරු සෙවීම ආරම්භ කර ඇති අතර ඒ අනුව දිවයින පුරාම දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම පණිවුඩය ද ලබාදීමට ක්‍රියා කර ඇත.

ඒ අතර බෑගයේ තිබූ බැංකු පොතේ ලිපිනය සොයා ගැනීම අනුව සහකාර ආරක්ෂක අධිකාරි ( දකුණ ) ජි.ඩබ්ලිව්. සුමිත් මහතා හරහා මාතර පාලටුව ප්‍රදේශයේ ලිපිනය සොයාගෙන අදාළ හිමිකරුවන්ට රත්‍රං ඇතුළු දේපළ භාරදීමට කටයුතු කර තිබේ.

Related posts

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

colombotoday

නැවත බලයට පත්වූවිට බලා ගන්නම් – ලණු ගිල්ල මහින්ද බොදු බලේට පුප්පයි

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Admin