Colombo Today Local News

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි..

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

ඊයේ දිනයේ ජලාශයට ලැබුණේ අක්කර අඩි 420 ක් පමණක් බව එම අධිකාරිය සඳහන් කරයි. මෙම තත්ත්වය තුළ ගොවි බිම් වෙත ජලය මුදා හැරීමේදී යළිත් දුෂ්කරතා මතුව තිබේ.

කෙසේ වෙතත් මුරවැසි හේන හා මයුරපුර ප්‍රදේශවල ගොවිබිම් සඳහා ජලය මුදා හැරිම ඊයේ ආරම්භ කළ බව මහවැලි අධිකාරිය සදහන් කළේ ය.

අගුණකොල පැලැස්ස ප්‍රදේශයේ ගොවිබිම් වෙත ජලය මුදා හැරීම තවදුරටත් අවිශ්චිත තත්ත්වයක පවතී.

උඩවලව ජලාශයේ ජල ධාරිතාව මේ වනවිට පවතින්නේ අක්කර අඩි 5000 ක් ලෙසයි. දෛනිකව ඉන් අක්කර අඩි 1100ක් ගොවිබිම් වෙත මුදා හැරෙන බව මහවැලි අධිකාරිය පවසයි.

Related posts

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

colombotoday

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday