Colombo Today Local News

කුරුන්දි පුදබිම නොසන්සුන්.. උණුසුම් තත්ත්වය පාලනයට කැරලි මර්දනය කැඳවයි..

කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණි.

ඒ සඳහා බොදු බැතිමතුන් පිරිසක් ද එක් තිබේ.

ඒ අතරතුර කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් කර තිබුණි.

එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

අනතුරුව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ ඇති අතර මේ වනවිට කැරලි මර්දන ඒකකයද කැඳවා තිබේ.

Related posts

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

Admin

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday