Colombo Today Local News

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පවසයි.

මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සමහර රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර, එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ අතර, එම ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව ඒ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.

කමිටුව මේ සම්බන්ධයෙන් සේවිකාවන් ඇතුළු 20 කට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර, මෙම පරීක්ෂණ කටයුතු අඩාළ කිරීමට සහ ඒවාට බලපෑම් කිරීමට නිලධාරීන් පිරිසක් රහසිගතව කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තු බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පරීක්ෂණ කමිටුවට පසුගියදා උපදෙස් දුන්නාය.

Related posts

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

colombotoday

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday