Colombo Today Local News

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි.

කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16)දින පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මහතා කියා සිටියේ, “කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.”

වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා මහතා,

“ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදුකර ගන්න පුළුවන්. අදටත් අපි දකිනවා පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා. වර්ථමානයේදීත් කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත් මදි. අපි ඔබට ආරාධනා කරන්නේ ගම් මට්ටමේ ඔබේ සායනයට යන්න. එහි සියලු පහසුකම් තියෙනවා. ඔබගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍ය භාවයට කිසිඳු හානියක් සිදුවෙන්නේ නැහැ.”

Related posts

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday