Colombo Today Local News

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහත බැස තිබේ.

අනුරාධපුර, හුරුලුවැව සහ නාච්චාදුව යටතේ ඇති වී වගාවන් සඳහා තවත් ජල මුර කිහිපයක් ලබාදිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කලාය.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය කියයි.

එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කරන්නේ, වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවය.

එම ප්‍රමාණය අක්කර 16,000 කි. මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කරයි.

Related posts

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

colombotoday

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday