Colombo Today Local News

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

ජල පාරිභෝගිකයින්ට තම බිල්පත පිළිබදව ගැටළුවක් ඇත්නම් ඒ පිළිබදව දැන ගැනීමට ක්ෂනික දුරකථන අංකයන් මෙන්ම කෙටි පණිවුඩ ක්‍රමයක් හදුන්වාදී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා පැවසුවේ 1939 ක්ෂණික දුරකථනයට ඇමතීමෙන් හෝ බිල්පතේ ගිණුම් අංකය 0719399999 අංකයට කෙටි පණිවිඩයක් ලෙස යොමු කිරීමෙන් තොරතුරු ලබාගන්නා ලෙසයි.

මීට අමතරව ජාතික ජලසම්පාදන මණ්ඩලය NWSDB ඇප් එක හරහා ද මනු කියවීම ලබාගත හැකි බව ද ඔහු සඳහන් කරයි.

ජල බිල්පත පිළිබදව ප්‍රශ්නයක් තිබේ නම් එය සෘජුවම මනු සටහන්කරුවන්ගෙන් විමසීමෙන් තොරව පාරිභෝගිකයින්ට ඉහත අංක වලින් බිල්පත් තොරතුරු දැනගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මනු සටහන්කරන්නා ජල පාරිභෝගිකයින්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ කාර්යට ඉඩදී මීටර දෙකක් දුරින් සිටින ලෙස ජලාපවහන මණ්ඩලයේ කළමනාකරු ඉල්ලා සිටියි.

Related posts

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමට එරෙහිව තව්හිද් ජමාත් ජිනීවා හී විරෝධතාවක…

colombotoday