Colombo Today Local News

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක ප්‍රමාණයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (15) දහවල් සිදුකළ වැටලීමක් අතරතුර එම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 6ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23ක දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (16)දින අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

මඩකළපුව, පූනානි ඉදිවන “ෂරියා විශ්වවිද්‍යාලය” හේතුවෙන් ඇමති හිස්බුල්ලා සහ පුතා වාලච්චේන උසාවියට

colombotoday