Colombo Today Local News

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

    A 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 8දෙනෙකු තුවාල ලබා තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ, අවුරුදු 38, 46, හා 58 යන වයස්වල පසුවන මුල්ලේරියාව, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පුද්ගලයින් තිදෙනෙකි.

    අද අලුයම කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    අනතුරුව එම ලොරි රථය ද ඉදිරියෙන් තිබූ තවත් ලොරි රථයක ගැටී ඇතැයි ද පොලීසිය කියයි.

    අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Related posts

    දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

    colombotoday

    ගාල්ලේ කන්දක් නාය යයි

    Admin

    මිදිගම වෙ-ඩි තැබීමක්

    Admin

    ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

    colombotoday

    පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

    Admin

    “පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

    colombotoday