රුසියාවේ දකුණු දිග ප්රදේශයේ ඩැගෙස්ථාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එහිදී තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාද්ය වාර්තා කරයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයින් මොස්කව් වෙත රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් ද යොදවා තිබූ බව විදෙස් මාද්ය පවසයි.
පිපිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හලේ ගින්න වර්ග අඩි 6,000ක පමණ ප්රදේශයක් පුරා පැතිර ගොස් තිබූ අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.