Colombo Today Local News

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කිසිවකු විසින් ඊයේ (13) රාත්‍රියේ මෙලෙස සිය මුහුණු පොත් ගිණුමට ඇතුලු වී ඇති බවද ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ප්‍රජා පොලිස් කොට්ඨාසය සමග එක්ව බස්නාහිර පළාත තුළ සිදුකරන ප්‍රජා සත්කාර, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසහටන් ඇතුලු සමාජ සත්කාර වැඩසටහන් මෙම ගිණුම හරහා ප්‍රචාරය කරන බව ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

තම ගිණුමට අනවසරයෙන් ඇතුලු වු පුද්ගලයා හදුනා ගැනීමට සහ එම පිටුවේ පාලනය නැවත ලබා ගැනීම කටයුතු සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

Related posts

පාන් ගෙඩියක් රු300යි

colombotoday

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

colombotoday

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

colombotoday

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin