වැල්ලවත්ත ප්රදේශයේ මහල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙක් ඉන් ඇද වැටී මියගොස් තිබේ.
එහි 08වන මහලෙන් අදාළ පුද්ගලයා ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
මරණකරු වයස අවුරුදු 34ක් පමණ වූ කරදගොල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.