Colombo Today Local News

මෝටර් රථයකින් ආ පිරිසක් තවත් මෝටර් රථයක් කොල්ලකයි

කිරිඳිවැල – බෝගහවත්ත හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෙනත් මෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබේ.

සැකකරුවන් මෝටර් රථයෙන් පැමිණ මාර්ගය හරස් කොට නවත්වා රියදුරුට පහරදීමෙන් අනතුරුවයි අදාළ මෝටර් රථය පැහැර ගෙන ඇත.

පසුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකට අනුව සැකකරුවන් තිදෙනෙකු සහ අදාළ මෝටර් රථය සොයාගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 39 වයස්වල පසුවන විලිබුලහේනේගම හා රඳවාන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

Related posts

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

හෙට සිට ගෑස් මිල පහළට

Admin

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

සැමියා නැති කතගේ ගෙදරට ගිය රියදුරෙක් මරු දකී

colombotoday

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday