Colombo Today Local News

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

ravi 125

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඇති බවට පළවන වාර්තා අසත්‍යයක් විය හැකි බව මුදල් ආමාත්‍ය රවී කරුණානායක පවසයි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා ලියකියවිලි සහිත හෙළිදරව්වක්කරමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුනට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය භාවිතයෙන් වාහන ආනයනයකර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවය.

ඔහුගේ චෝදනාවට අනුව, අදාළ වාහන බලපත්‍රය විකුණා රුපියල් ලක්ෂ 250ට ආසන්න මුදලක් මන්ත්‍රීවරයකු උපයාගනී.

මේ පිළිබදව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ, මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර අලෙවිකරනු ඇතැයි තමන් නොසිතන බවය.

” මං හිතන්නේ ඒක බොරුවක්, මාධ්‍යයට නිකං බයික් එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි මන්ත්‍රීවරුන්ට දුන්නොත් ප්‍රශ්නයක්, ඉතින් විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න” යනුවෙන් ඔහු පැවසීය.

මන්ත්‍රීවරුන්ට අදාළ වාහන බලපත්‍ සපයා තිබෙන්නේ එම වාහන පරිහරණයකිරීමට විනා අලෙවියට නොවන බව ඔහු අවධාරණය කළේය.
ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට බර කරත්තෙකද යන්න කියන්නේ, විනිසුරු වරයෙකුට වාහනයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ, මාධ්‍ය ලොක්කන්ට දුන්නට ප්‍රශ්නයක් නැහැ, නමුත් මන්ත්‍රීවරයෙකුට දුන්න ගමන් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා, යැයි ද පැවසූ අමාත්‍යවරයා “යම් කළු බැටළුවෝ ඉන්නවා ඕනෑම තැනක, හැම දෙනා ම එක බුරුසුවෙන් පාට කරන එක වැරදියි” යනුවෙන්ද ප්‍රකශ කළේය.

පසුගිය වසරේ අයවැය ඉදිරිපත්කිරිමේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ ද නැවත එය ක්‍රියාත්මක කළේ ඇයිදැයි විමසු විට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ රජයේ සේවකයින්ගේ ඉල්ලීම මත එය යළි දීමට තීන්දු කළ බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් රුපියල් මිලියන තිස් තුනහමාරක බදු නිදහසක් හිමිවේ.

– BBC

Related posts

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා

Admin

කෑගල්ලේ මාස 4කදි මී උණ රෝගීන් 250ක් – දෙදෙ‌නෙක් මරුට

colombotoday

සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.

colombotoday

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

colombotoday

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin