Colombo Today Local News

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හා ගොඩ බෝග වගාවන්ට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුරුණෑගල හා අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කුඹුරු වගාවට කුඩා වැව් සිඳී යාම හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.

කුරුණෑගල, අනුරාධපුර,අම්පාර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශවල ගොඩ භෝග වගාවලට බලපෑම් එල්ල වී ඇත.

මෙම වගාවන් රැක ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති අතර වැව්වල ළිං හෑරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මෝසම් වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙන්ම උෂ්ණාධික කාලගුණය වැව් වේගයෙන් සිඳී යාමට හේතුව බවයි.

Related posts

ඔසුසල්,සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳිරි නීති කාලයේත් විවෘතයි

colombotoday

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

colombotoday

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

කලුගංතොට සිංහයා අද නික්ම යයි

Admin

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday