Colombo Today Local News

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10)දින සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදුනොකරන ලෙස උද්ඝෝෂකයින්ට සිය නියෝගය මඟින් දන්වා සිටි.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ හැකි බවට ද දන්වමින් මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය උද්ඝෝෂණකරුවන්ට භාර දෙන ලෙස කොටුව පොලීසියට නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති අතර අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කොටුව පොලීසිය බී වාර්තාවක් මඟින් උද්ඝෝෂණ හේතුවෙන් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අධිකරණයට සිදුකළ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන NGO, අමිත් වීරසිංහට පහරදීම ගැන නිහඩ ඇයි ? – හෙළ උරුමය විමසයි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

colombotoday

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

Admin