Colombo Today Local NewsUncategorized

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇත.

මෙම මුල්‍ය ආයතනයේ වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවයකන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.

සියයට 6ක ආකර්ෂණීය පොලිසියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද වාර්තා වෙයි.

මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි

Related posts

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

ලිංගික අල්ලස් ගත් කල්මුණේ SI රිමාන්ඩ්

Admin

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin

පවතින ආපදා තත්වය පිළිබදව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

colombotoday

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday