Colombo Today Local News

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් හෙට ශ්‍රී ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට(28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාවට හෙට (28) රාත්‍රියේ පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා අනිද්දා (29) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.

පැපුවා නිව්ගිනියා සහ වනාටු සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා යෑමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කෙටි කාලය තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද බලාපොරොත්තු වෙයි.

Related posts

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

ෆෙඩරල් ව්‍යවස්ථාව අනිවාර්යෙන් ගෙන එන බව අගමැති දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි !

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday