Colombo Today Local News

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය ඇයගේ නිවෙසට යාබඳව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

Related posts

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin