Colombo Today Local News

සැප්තැම්බර් මාසයේ IMF සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට හැකියි.. – ඇමති සියඹලාපිටිය

ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණදීමට හැකි වෙතැයි විශ්වාසය පළ කරන බව රජය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා වන පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවයි.

මේ අතර, ඔට්ටු හා සූදූ බදු සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසී ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුකූලවයි.

ඒ අනූව ලබන 8 වැනිදා හෝ 9 වැනිදා ඊට අදාළ රෙගුලාසී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත් සංශෝධිත ඔට්ටු හා සූදූ බදු පසුගිය අප්‍රේල් මාසයේ සිට බලාත්මකයි.

Related posts

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

අර්ජුන් ගැන විගණකාධිපති වාර්තාවෙන් අගමැතිගෙත් පටි රෝල් !

colombotoday

රනිල් පැරදුනොත් අපි හැමෝම සමූල ඝා-තනය වෙනවා

Admin

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin