Colombo Today Local News

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි හා තුන්වැනි වසර සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා සඳහන් කරන්නේ, පසුගිය 17 වැනිදා රාත්‍රියේ සිසුන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ පිළිබඳව විමර්ශනය සඳහා පංච පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා සිට දෙවන හා තුන්වැනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කෙරිණ.

සෙසු වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ලේඛකාධිකාරිවරයා සඳහන් කරයි.

Related posts

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ඔහුට දඩුම් කළ යුතුයි“ – සමන් රත්නප්‍රිය

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday