අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළව සියයට 40ක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.
එමෙන්ම පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.