Colombo Today Local News

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19)දින කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.

ඒ අනුව, අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා ඇත.

ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

ඒ අනුව, පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණි.

Related posts

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී

Admin

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin