World

රුසියාවෙන් යුක්‍රේන ධාන්‍ය වරායකට ප්‍රහාර

රුසියාව ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට ප්‍රහාර එල්ල කර තිබේ.

එම වරාය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කළු මුහුදේ ධාන්‍ය අපනයනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ක්‍රියාත්මක වූ ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු එම ප්‍රහාරයන් එල්ල කිරීම විශේෂත්වයක් බව විදෙස් වාර්තාවල සඳහන් විය.

රුසියානු හමුදා පවසන්නේ, තමන් ඔඩේසාහි ඉන්ධන ගබඩාවට සහ එහි මුහුදු ඩ්‍රෝන යානා නිපදවන කම්හලකට පහර දුන් බවයි.

යුක්‍රේනය විසින් අත්පත් කරගත් ක්‍රයිමියාවෙහි මාර්ග පාලමට විනාශ කිරීමට ප්‍රතිචාර දැක්වමින් ඔවුන් එම ප්‍රහාර එල්ල කර තිබේ.

එම ධාන්‍ය වරායට ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ ආහාර මිල ඉහළ යාමට ද බලපෑම් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කෙසේ වෙතත් යුක්‍රේනයේ කෘෂිකර්මාන්තය හා ධාන්‍ය අපනයනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බව ජනාධිපති වොලොඩමිර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

Related posts

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday