Colombo Today Local News

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩු වී ඇති බව නාරා ආයනතය පවසයි.

එම ආයතනය පවසන්නේ, දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම කලාපයේ මසුන් ඇල්ලීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

නාරා ආයතනය මේ පිළිබඳව කළ පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය ගහනය 50% කින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට නොගැඹුරු මුහුද ලෙස සැලකෙන්නේ, වෙරළේ සිට කිලෝමීටර් 24 ක් දක්වා වූ ප්‍රදේශයයි.

මෙරට ධීවර යාත්‍රාවලින් 80% ක් පමණ මත්ස්‍ය සම්පත් නෙලා ගන්නේ එම මුහුදු ප්‍රදේශයේ බව නාරා ආයතනය පවසයි.

කෙසේ වෙතත් කිලෝමීටර් 24 සිට 200 දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම ඉන් එපිට අනන්‍ය ආර්ථික කලාපයේත් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවලත් හිඟයකින් තොරව මත්ස්‍ය සම්පත් ඇති බව නාරා ආයතනයේ සමාජ ආර්ථික හා අලෙවිකරණ අංශයේ ප්‍රධානී, කේ. එච්. එල් අමරලාල් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ධීවර කටයුතු පුළුල් කිරීමෙන් මස්ත්‍ය සම්පත් බහුලව නෙලා ගැනීමට හැකියාව පවතින බවයි.

ඒ සඳහා වැඩි වශයෙන් ධීවරයින් යොමු විය යුතු බව ද අමරලාල් මහතා සඳහන් කරයි.

Related posts

‘පැයක දෙකක වැඩවර්ජනයකින් ආණ්ඩුව දණගස්වන්න පුළුවන්… ‘ – විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ

colombotoday

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන බවට කම්කරු ඇමැතිගෙන් සහතිකයක්

colombotoday

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday